Avurudu Kavili is a shopping cart Android Application to sell very good and very fresh kavili (sweets) products in Sri Lanka.
කාර්යබහුල දිනචර්යාව සමග පාරිභෝගිකයන්ට පරිභෝජනයට ගන්න සිදුවන්නේ ගුණත්වයෙන් අඩු ආහාරයි. කාලයත් සමගින් මෙවැනි අවුරුදු කැවිලි සඳහා නොයෙක් ආකාරයේ වෙලදාම් විශාල ලෙස ව්‍යාප්ත වෙමින් පවතිනවා. නමුත් එම වෙලදාම් වල මුලික අරමුණ වන්නේ හොද නිෂ්පාදන පාරිභෝගිකයන්ට ලබා දීම නොව කුමක් හෝ විකුණා මුදල් ලබා ගැනීම පමණි. කාර්යබහුල දින චර්යාවට පුරුදුව සිටින පාරිභෝගිකයන්ට සිදුවන්නේ වැඩි මුදලක් දී අඩු ගුණත්වයෙන් යුතු ආහාර හා වෙනකුත් දේ පරිභෝජනයට ගැනීමයි. කැවිලි වෙලදාම් කරන ස්ථාන වල ඇත්තේ කලින් සකස් කල කැවිලි වර්ගයන්ය. නමුත් තෙලෙන් බැදෙන කැවුම් ජාති සියල්ල ටික කලක නැවුම් ලෙසම තබා ගහ හැක. එමගින් පාරිභෝගිකයන් නොමග යන්නේ එම කැවිලි නැවුම් අලුත් ඒවා යයි සිතා. නමුත් ඒවා දින ගණනක් පරණ කැවිලි වේ. මුදල් ගෙවා කල් ඉකුත් වීමට ආසන්න ආහාර ගන්නේ ඇයි..?
ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම මෙම මෘදුකාංගය මගින් පාරිභෝගිකයන්ට හැකියාව ලැබෙනවා තම අභිමතය පරිදි කැවිලි වර්ග තෝරාගැනීමට. එසේම එක් එක් කවිලි වර්ගය සකස් කිරීමට යොදා ගත් ද්‍රව්‍යද කෙසේ සකස් කලේද යන්න දැක ගත හැක. සියලුම කවිලි වර්ග පාරිභෝගිකගේ ඇනවුම මත පමණක්ම සිදුවේ. එම නිසා එය සකස් කිරීමට අවම ලෙස දින 2ක් වත් ගත වේ. නමුත් පාරිභෝගිකයන්ට ඉතාමත් නැවුම් ගුණත්වයෙන් ඉහල කවිලි වර්ග ගෙදර සකස් කල සේම ලබා ගැනීමට හැකියාව ඇත.
සියලුම කැවිලි වර්ග නිෂ්පාදනය සිදුවන්නේ ශ්‍රී ලංකාවේ මාතලේ ප්‍රදේශයේය.